Homeදේශීයරෝගී පොල්ගස් කැපීමට වන්දි වැඩිකෙරේ

රෝගී පොල්ගස් කැපීමට වන්දි වැඩිකෙරේ

පොල් වගාව ආශ්‍රිත ‘වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය’ පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් කරන්නන් සඳහා ගෙවන මුදල වැඩි කර තිබේ.

පොල් වගාකිරීමේ මණ්ඩලය සඳහන් කළේ රෝගී තත්ත්වයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් වගාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 3,000ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.

දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත් කරන ලෙස පොල් වගාකිරීමේ මණ්ඩලය පොල් වගා කරුවන්ගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments