Homeක්‍රීඩාIPL අවසන් මහා තරගය අද

IPL අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL ) අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතය.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරය.

තරගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය.

දෙවන වරට ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් පිල සමත්ව තිබෙනවා.

ඔවුන් පළමු වරට 2014 වසරේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුවත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල හමුවේ පරාජයට පත්වුණි.
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම 2009, 2011 හා 2016 යන වසරවල දී ඉන්දීය ප්‍රිමියර්ලීග් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවද ඔවුන්ට ශූරතාවය හිමිකර ගැනීමට නොහැකි වුණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments