කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට යෝජිත බව පැවසෙන රීසා සරුක්ට එරෙහිව ”අරගලයේ නියමුවෝ” නැමති සංවිධානයක කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂමට ඊයේ පැමිනිල්ලක් ඉදිරිපත්කර ඇත.
ඒ, කොළඹ නගර සභාවේ සිදුව ඇතැයි කියන මහ පරිමාණයේ වංචාවක් සම්බන්ධ විගණකාධිපති වාර්තාවක් ද සමගිනි. මේ අතර සජබ නාගරික මන්ත්‍රී රීසා සරූක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුයේ, තමන් කොළඹ නගරාධිපතිවරයා වශයෙන් පත්වන බවයි.
නගරාධිපති තේරීමේ තරගයේදී රහස් ඡන්දයක් පැවැතියහොත් මාලිමාවේ පිරිස් පවා තමන්ට ඡන්දය දෙනු ඇති බව ඔහු අවධාරණය කළේය.
කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය අද නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසිය.
කොළඹ මහ නගර සභාවේ කිසිම කණ්ඩායමකට සියයට පනහක බලයක් නොමැති හෙයින් ඡන්ද විමසීමකින් නගරාධිපතිවරයා තෝරා ගැනීමට සිදුවන බව ඔහු කීය
ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාදීමට ඒ සියලු දෙනා එකගවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.