Homeදේශීයඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

එම දූත පිරිස පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක , පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිතයි.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයගේ පැමිණීම පිළිගැනීම සඳහා ‘ඕස්ට්‍රේලියන් හවුස්’ හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ඒ මහතා හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඒ මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වනවා.

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණ වෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments