රටේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය තුළ පසුගිය පැය 24ක කාලය තුළ විදුලිබල මණ්ඩලයට මුළු බිඳවැටීම් පැමිණිලි 50,000 ක් ලැබී තිබුණු බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
මෙම වාර්තා වී ඇති සිදුවීම්වලින් 29% ක් පමණ එනම් 14,030 ක් පමණ විසඳීමට විදුලි බල මණඩලයේ කණ්ඩායම් දැනටමත් සමත් වී ඇති බවත්, ඉතිරි ඒවා හැකි ඉක්මනින් සහ ආරක්ෂිතව විසඳීමට පැය 24 පුරාම මණ්ඩලයේ සේවකයින් කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.
විදුලි බල මණ්ඩලයට අනුව විදුලි බිඳවැටීම්වලින් වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශ අතර මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත ප්‍රමුඛස්ථානය ගෙන ඇත. මධ්‍යම පළාතෙන් බිඳවැටීම් 15,000 ක් සම්බන්ධ පැමිණිලි ලැබී ඇති අතර මේ වන විට ඉන් 5,300 ක් පමණ යථා තත්ත්වයට පත් කර තිබේ.
බස්නාහිර පළාතෙන් ලැබී ඇති පැමිණිලි ගණන 10000කි. උද්ගතව ඇති තත්ත්වයන් අභියෝගාත්මක බව කියන විදුලි බල මණ්ඩලය සිය කණ්ඩායම් මේ දක්වා බිඳවැටීම් 1,700 කට වඩා යථා තත්ත්වයට පත් කර ඇතැයි පවසයි.
සීමිත සම්පත් තිබියදීත්, විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා කටයුතු කරන බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බැවින් ඉවසීම සහ සහයෝගය සැබෑ ලෙසම අගය කරන බවත් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
තමන්ගේ ප්‍රදේශයන්හි තවමත් විදුලිය නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් හෝ ගිනි පුපුරු වැනි විදුලි උපද්‍රවයන් දකින්නේ නම් CEB ජංගම යෙදුම භාවිතයෙන් හෝ 1987 අමතා වහාම ඒ පිළිබඳව වාර්තා කරන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.