HomeදේශීයDIG සහ ASP බලතල සංශෝධනය කරමින් ගැසට්ටුවක්

DIG සහ ASP බලතල සංශෝධනය කරමින් ගැසට්ටුවක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් යුතුවය.

නව ගැසට් පත්‍රයට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මහා සැරයන් සහ ඊට පහළ තනතුරු මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පවරා තිබේ.

ඒ අනුව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව සිය පරිපාලන බල ප්‍රදේශවල ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම සහ විනය පාලන කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය හිමි වේ.

සහකාර පොලිස් අධිකාරීවරුන්ට ද සිය බල ප්‍රදේශවල විනය ශාලා දඬුවම් නියම කිරීම සහ වැඩ තහනම් කිරීමේ බලය හිමි වේ. මෙසේ ඔවුන්ට විනය ක්‍රියා මාර්ග ගත හැක්කේ පොලිස් පරීක්ෂක සහ ඊට පහළ නිලයන් මහා සැරයන් සහ ඊට පහළ නිලයන් මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන් සම්බන්ධයෙනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments