HomeදේශීයTake Care - සුරැකෙමු මගතොට

Take Care – සුරැකෙමු මගතොට

දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම සඳහා පාසල් සිසුන් මූලික කරගෙන “Take Care -සුරැකෙමු මගතොට ” යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසිනුයි සැලසුම් කර ඇත්තේ.

පාසල්වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් සම්බන්ධ කර ගනිමින්, සංඛ්‍යාත්මකව 100ක් වූ අධ්‍යාපන කලාපයන්හි යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000ක් සෘජුවම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අදාළ ආයතනවල සහයෝගය ඇතිව සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments