විගණකාධිපති තනතුර සඳහා පෞද්ගලික අංශයේ විගණන ආයතනයක පුද්ගලයෙකුගේ නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අද දිනයේ යොමු කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කෙරේ.
ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවයක් ඇති නොවීම හේතුවෙන් මෙම සලකා බැලීම හෙට දිනය දක්වා කල්තැබීමට තීරණය කර ඇතැයි වාර්තාා වෙයි.
වසර 225ක ඉතිහාසයේ අවස්ථා දෙකකදී හැර විගණකාධිපතිවරු 41 දෙනෙක් පත්කර ඇති සම්ප්‍රදාය රාජ්‍ය විගණන සේවයේ සුදුසුකම් සහිත ජේෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාවය ලබාදීමයි.
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ ජේෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරයට පත් නොකර වෙනත් බාහිර පුද්ගලයෙකු පත් කිරීමට දරන උත්සාහයට ජාතික විගණන කාර්යාල වෘත්තිය සමිති එකමුතුව දැඩි විරෝධයක් මතුකර තිබේ.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමය,රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය,රජයේ විගණන නිලධාරී සංගමය ඒකාබද්ධ ඒකමතික විරෝධයක් දක්වා ඇත.