Homeක්‍රීඩාMajor Clubs 20 - 20 තරගාවලියට වැස්ස හරස් වෙයි

Major Clubs 20 – 20 තරගාවලියට වැස්ස හරස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගණ 3ක දී ආරම්භ වූ අතර ඉන් තරග 5ක් ම වැස්සට සේදී ගියා. පැවැති එක ම තරගය ද පන්දුවාර 17කට පමණක් සීමා වූ අතර එම තත්ත්වයන් සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වීමට නියමිතව තිබූ තරග සහ මේ මස 22 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති තරගත් වෙනත් දිනයක දී පැවැත්වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැති Panadura SC සහ Ace Capital CC අතර තරගය සේ ම එම ක්‍රීඩාංගණයේ දී ම සවස් වරුවේ පැවැත්වීමට නියමිත තිබූ Tamil Union C & AC සහ Police SC අතර තරගය මෙන් ම P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ BRC සහ Nugegoda S&WC අතර තරගයත් සහ CCC සහ Baduraliya CC අතර තරගයත්, CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබු Colts CC සහ Chilaw Marians CC අතර තරගයත් සහ Moors SC සහ Kurunegala Youth CC අතර තරගයත් පැවැති තරග පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

එම තරග සියල්ල ඉදිරි දිනයක දී පැවැත්වීමට යෝජිත අතර ඊට අමතර ව මේ මස 22 වැනිදා Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Police SC සහ Bloomfield C & AC අතර තරගයත් සහ Baduraliya CC සහ Ace Capital CC අතර තරගයත්, SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Chilaw Marians CC සහ Tamil Union C & AC අතර තරගයත් සහ CCC සහ Kurunegala Youth CC අතර තරගයත්, CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Nugegoda S&WC සහ Colts අතර තරගයත් සහ Panadura SC සහ NCC අතර තරගයත් ඒ අනුව ම යමින් කල් දැමූවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments