ජනවාරි 01 වැනි දින සිට මැයි මස 18වන දිනය දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26413ක් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එමෙන්ම අපරික්ෂාකාරී රිය ධාවනයන් 1377ක් සඳහා නීතිය ක්‍රියාත්මක කර අධිකරණය හමුවට ගෙනැවිත් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි මෙහෙයුම් කෙතෙක් සිද්ධ කළත් ජනතා සහභාගීත්වයකින් තොරව රිය අනතුරු අවම කරගත නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරමින් පෙන්වා දුනනේ වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 944ක් වාර්තා වී ඉන් පුද්ගලයින් 1007 ක් මිය ගොස් ඇති ආකාරය ය.
“රිය අනතුරු පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම්, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම පිළිබඳ මෙහෙයුම්, ඒම මාර්ග නීතිවලට අනුකූලව රිය නොපදවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් ශ්‍රී ලංකා පොලිසිය නිරනරන්තරයෙන් සිද්ධ කරනවා. නමුත් රිය අනතුරු අවම කරගැනීම පොලිසියට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ජනතාව විනය ගරුක නොවී රිය අනතුරු අවම කරගන්න බෑ. ඔවුන් මාර්ග නීති පද්ධතියට අවනත විය යුතුයි.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.