Homeදේශීයමාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත්වෙයි

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත්වෙයි

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත්කිරීමට තීරණය කර තිබේ.

එහි සභාපති කුමාරි ජයරත්න මහත්මිය සඳහන් කළේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ නීති පැනවීමට හා ඒවා කඩකරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එමගින් හැකියාව ලැබෙන බවයි.

දැනට පවතින ආයතන ව්‍යුහය මගින් එවැන්නක් සිදු කළ නොහැකි බව ද ඇය සඳහන් කළා ය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත් කිරීමෙන් දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17 සිට 5ක් දක්වා අඩුවනු ඇති.

නීතිමය රාමුවක් තුළ නීතිමය ප්‍රතිපාදන ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම ලෙස මාර්ග ආරක්ෂාව සඳහා පියවර ගත හැකි බවද ඇය සඳහන් කළා ය.

සභාපතිවරිය ප්‍රකාශ කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments