ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී දහසය වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහන එම කාර්යාලයේ දී පැවැත්විණි. එම කාර්යාලයේ පාලක මණ්ඩලය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද ප්‍රකාශය ත්‍රෛයිභාෂාවෙන් ම ජනගත කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහනට සමගාමීව සුවපත් සමාජයක්, සුපවත් ලොවක් සඳහා වන ප්‍රතිඥාවක් ලබා දෙමින් සාමයේ පහන්සිළු දැල්වීම ද සිදුකළ අතර දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මෙන් ම සහජීවන සංගම් සාමාජිකයින් ද මාර්ගගත ක්‍රමයට ප්‍රධාන වැඩසටහන සමග සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණි.
පහන් දල්වමින් ප්‍රතිඥා දීමෙන් අනතුරුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයින් සුවපත් සමාජයක් වෙනුවෙන් සිය ආශීර්වාද එක් කරන ලදි. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) කේ. මහේසන් මහතා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, (පාලන) සමන්කුමාරි මහත්මිය, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති, මහේෂ් කටුලන්ද මහතා, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන්, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා රාජ්‍ය භාෂා ආයතනයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් මහතා සුවපත් සමාජයක්, සුවපත් ලොවක් පිළිබඳ අදහස් පළ කරන ලදි.