Homeදේශීයඅමෙරිකාවෙන් නාවික හමුදාවට අති නවීන උපකරණ කට්ටලයක්

අමෙරිකාවෙන් නාවික හමුදාවට අති නවීන උපකරණ කට්ටලයක්

මුහුදේ න්‍යෂ්ටික, විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ අති නවීන උපකරණ කට්ටලයක් ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී යි.

රුපියල් මිලියන 299 ක් වටිනා මෙම උපකරණ ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැලැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයා තිබෙනවා.

ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනය කළේ, මෙම උපකරන මඟින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුළ න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නංවා ගත හැකි බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments