Homeදේශීයමාධ්‍යය හැඳුනුම්පත දෙන්න වැඩ ගොඩක්

මාධ්‍යය හැඳුනුම්පත දෙන්න වැඩ ගොඩක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන්

රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.

පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් වෙබ් මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙම වසරට අදාල මාධ්‍ය හැඳිනුම්පත ලබාදීම සඳහා අදාල මාධ්‍යවේදීන්ගේ හත්මුතු පරම්පරාවේම තොරතුරු සොයා බලන බව වාර්තාවේ.

ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත්කර ඇති විස්තර පත්‍රීකාවක් මාධ්‍යවේදීන් වෙත නිකුත්කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවසේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments