දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කළත් නොකළත් ඔවුන්ගේ ඉල්ලීම මාසයක් තුළ ඉටුවීමට නියමිතව තිබුණු බවත්, මේ වර්ජනය ඔවුන් සිදුකරන්නේ තමන්ගේ ඉල්ලීම් ඉටුවන බව දැනගෙනම බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.
“අපි බලන්න ඕන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුපස තියන දේශපාලනය මොකක්ද කියලා”. ඇමතිවරයා පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ ජනතාව සමග නැති වෘත්තීය සමිති ව්‍යාපාර යනු කිසිවක් දිනාගත නොහැකි ව්‍යාපෘති බවය. වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කරමින්, වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට ඇහුම්කන් දෙමින් සාධනීය මැදිහත්වීම් සිදුකරන්නා සේම ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන මෙවැනි වෘත්තීය නැගිටීම් සත පහකට ගණන් නොගන්නා බවත් ඒවා සමග හැප්පීමට රජය සූදානම් බවත් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය. සාකච්ඡා කරන්න දෙයක් නෑ! අපි හරි.. ආණ්ඩුව වැරදියි..! ප්‍රශ්න විසඳුවේ නැත්නම් වෙන විදිහකින් සටන දියත් කරනවා! ඇමැතිතුමා දාපු තර්ජනයට වෘත්තීය සමිති නායකයෝ උත්තර දෙයි!
සාකච්ඡා කිරීමට කිසිවක් නොමැති බවත්, ආණ්ඩුව ප්‍රශ්නවලට නිසි පිළිතුරක් නොදෙන්නේ නම් ඉදිරියේදී වෙනත් ආකාරයකින් සටන දියත් කරන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.මේවනවිට වර්ජනය අවසන් වී ඇත.