පසුගිය 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 2022 වසරේ විදේශ සංචාර 4කට, 2023 වසරේ විදේශ සංචාර 14කට, 2024 වසරේ විදේශ සංචාර 5කට සහභාගි වී ඇත.
මෙම සංචාර සඳහා පොලිස් නිලධාරින් විසි පහකට වැඩි සංඛ්‍යාවක් විටින් විට සහභාගි වී ඇති අතර.නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.ජමාල්ඩීන්,නියෝජ්‍ය පොලිස්පති ජේ.පී.ඩි ජයසිංහ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක,යන නිලධාරීන් වැඩි වශයෙන් මෙම සංචාරවලට සහභාගි වී ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ආරක්ෂක නිලධාරීන් ලෙස උප පොලිස් පරීක්ෂක තරංග සහ පොලිස් කොස්තාපල් සුපුන් මාරසිංහ ද සහභාගි වී ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වාර්තා වේ සඳහන්.
මෙම නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 117කට වැඩි මුදලක් වැය කර ඇත.