Homeදේශීයආදායම රුපියල් බිලියන1,064 ක්. වියදම රුපියල් බිලියන 1,562

ආදායම රුපියල් බිලියන1,064 ක්. වියදම රුපියල් බිලියන 1,562

රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයේ මේ වසරේ පළමුවන කාර්තුවට අදාළ වර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මේ අනුව බදු ආදයම ලෙස රුපියල් බිලියන 970.58ක්, බදු නොවන ආදායම රුපියල් බිලියන 87.26ක්, ප්‍රාග්ධන ආදායම රුපියල් බිලියන 5.77ක් හා ප්‍රදාන ලෙස රුපියල් බිලියන1.05 ක් වශයෙන් මුළු ආදායම රුපියල් බිලියන1,064.66ක් වේ.

වියදම් වශයෙන් පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 1,226.55 ක් හා ප්‍රාග්ධන වියදම් ලෙස (රාජ්‍ය ණය ආපසු ගෙවීම් ඇතුළුව) රුපියල් බිලියන 336.39 ලෙස සමස්ත වියදම රුපියල් බිලියන 1,562.94 ක් වේ.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53 (1) වගන්තියට අනුව අවම වශයෙන් කාර්තුමය පදනමක් මත, මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් හා වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45කට නොඅඩු කාලයක් තුළදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වේ.

මේ අනුව මේ වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුවට අදාළ වාර්තාව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments