Homeදේශීයදේශබන්දු ඉලක්ක වෙයි.

දේශබන්දු ඉලක්ක වෙයි.

කූඨ ලේඛණ සකස්කර දේපල අත්පත් කරගත් සැකකාරියක් අත් අඩංගුවට ගනී.
රුපියල් කෝටි 3 ක පමණ වටිනා දේපළ කූඨ ලේකන සකස්කර අත්පත් කරගත් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් සැරයන්වරියක්වන කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශණ අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන වරකාගොඩ කටුහේන බලි කන්ද ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබූ චීනයේ නිශ්පාදිත මිනි උෂී වර්ගයේ ප්‍රභූ ආරක්ෂක ගිනි අව්යක් සොයාගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.

මිනි උෂී වර්ගයේ ගිනි අවි භාවිතා කරනුයේ කමාන්ඩෝ විශේෂ බළකා සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීන් වලට පමණක් බවද පොලිසිය සදහන් කරයි.

මෙම ගිනි අවිය පොහොර කවරයක බහා ඉඩමේ වල දමා ඇති බවත් ප්‍රදේශයේ සැරිසරන කබරුන් විසින් එම වල හාරා එය එළියට ඇද දමා තිබියදි ගවයන් දක්වා ගෙන ඒ අසලට ගිය පුද්ගලයෙකු මෙය දැක ඒ බව තෙබුවන පොලිසියේ පොලිස් සැරයන් සනත් මහතාට මේ පිළිබඳව තොරතුරු ලබා දී තිබේ.

පසුව තෙබුවන පොලිසිය මගින් මෙය වරකාගොඩ පොලිසියට දන්නවා ඇති අතර වරකාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.

ගිනි අවිය වලදමා තිබූ ඉඩම හිටපු පොලිස්පතිවරයෙකු වූ වික්ටර් පෙරේරා මහතාට අයත් බවද පොලිසිය සඳහන් කරයි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන කංජීපානි ඉම්රාන් පොලිස්පති දේශබන්දු ඝාතනය කිරීමේ සූදානමක් ඇතැයි පොලිසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස්පති දේශබන්දුගේ නිවසට ගොස් ඒ බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත්කර ඇති අතර ඇප ලබාදීමෙන් අනතුරුව තවමත් ආරක්ෂාව සපයා දී නැති බවද වාර්තා වේ.

මේ තත්ත්වය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments