Homeදේශීයරුසියානු තානාපති කාර්‍යාලයේ බෝම්බ බියක්

රුසියානු තානාපති කාර්‍යාලයේ බෝම්බ බියක්

අද පස්වරු කාලයේ දී විදේශිකයෙකු විසින් කොලඹ පිහිටි රුසියානු තානාපති කාර්‍යාලයට ලැප්ටොප් පරිඝනකයක් ලබාදී එසැණින් එම විදේශිකයා එම ස්ථානයෙන් පිටව යාම නිසා බෝම්බ බියක් ඇති වී තිබුණි.

ඒ අනුව විශේෂ කාර්‍ය බලකාය,විශේෂ කාර්‍ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය, කුරුදුවත්ත පොලීසිය ඇතුලු කන්ඩායමක් විසින් මේ පිලිබද විමර්ශනය කරනු ලැබීය.

පොලිස් සුනඛ අංශයේ ලෝර්ඩ් නැමති සුනඛයා ද මෙම පරීක්ෂණ කටයුතු සඳහා යොදවා ගනු ලැබුණි.

මූලික පරීක්ෂණ වලින් අනතුරුව ඉදිරි විමර්ශන සදහා කුරුදුවත්ත පොලීසිය විසින් පරිඝනකය රැගෙන ගිය අතර කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments