Homeදේශීයශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති අත්අඩංගුවට.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති අත්අඩංගුවට.

ඌව පළාත් ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති වරයා වන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
2021 වසරේදී චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙන් ඔහු ලබා දුන් උපදෙස් හේතුවෙන් අල්ලස් කොමිසම විසින් මෙම අතිරේක ලේකම්වරයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මතයි.

එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments