Homeදේශීයගිවිසුම් ගැන ඉන්දියාවේ විරෝධය

ගිවිසුම් ගැන ඉන්දියාවේ විරෝධය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී ඉන්දියාව සමග ඇති කරගත් ආරක්ෂක ගිවිසුම හෙළිකිරීමට ඉන්දියාවේ විරෝධය පළවී තිබෙන බවට රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ආරක්ෂක ගිවිසුම හෙළිදරව් කරන ලෙසට හඩ නගන විපක්ෂයේ දේශපාලන පක්ෂ කෙරෙහිද කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැඩි අවධානය යොමු කර තිබේ.

එසේ ආරක්ෂක ගිවිසුම හෙළි කරන ලෙසට ඉල්ලා සටන් නොකරන ලෙසට ඇතැම් දේශපාලන පක්ෂවලට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුම්දී තිබෙන බවද ආරංචිමාර්ග සදහන් කරයි.

ඉන්දියාව සමග අත්සන් කර ඇති ගිවිසුම හෙළි වුවහොත් චීනයත් ඒ හා සමාන කොන්දේසි ඇතුළත් කරමින් ගිවිසුමකට එළඹීමට ඉඩ ඇතැයි ඉන්දියාවේ ස්ථාවරය වී තිබෙන බවද තානාපති ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments