Homeදේශීයරනිල් අද අල්ලස් කොමිසමට යයි

රනිල් අද අල්ලස් කොමිසමට යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ, ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.

මීට පෙර අවස්ථා දෙකකදී රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීම් කර තිබුණා.

එහෙත්, එම අවස්ථා දෙකේදීම රනිල් වික්‍රමසිංහ මහතා, වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

ඒ අනුව ඔහු සිය නීතිඥවරයා මගින් ලිපියක් යොමු කරමින්, අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලීමක් කර තිබුණා.

අල්ලස් කොමිසම සඳහන් කළේ, සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවේ පෙනී නොසිටියහොත්, පනතේ 126 වැනි වගන්තිය අනුව කටයුතු කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments