පළාලි ගුවන්තොටුපොළට විශේෂ අවධානයක් යොමු කරමින් එහි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පළාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව පවසා සිටියා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී මෙරට ගුවන් ගමන් පිළිබඳ නීති සංශෝධනය කරමින් දේශීය ගුවන්ගමන්වලට ගැළපෙන පරිදී සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම තුළින් යාපනය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා ගුවන්තොටුපොළ සතුවම මුදල් ඇති බව සභාපතිවරයා දැනුවත් කළ බවත් පැවසීය.