Homeදේශීයහරිනි පැරිසියේ

හරිනි පැරිසියේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අද සිට UNESCO මූලස්ථානයේදී එහි අධ්‍යක්ෂවරි‍යගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වී ඇති බවයි වැඩිදුරටත් දැක්වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments