ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අද දිනයෙන් අවසන් වනවා.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය, අද දිනය දක්වා දීර්ඝ කිරීමත් සමග එම කාලසීමාව ප්‍රකාශයට පත් කෙරුණා.
බලපත්‍රලාභී බැංකු සහ ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇති.
ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් මෙතෙක් බැංකු සමග සාකච්ඡා නොකළ ව්‍යවසායකයින්ට ඒ සඳහා අද දිනයේ ද අවස්ථාව පවතින බව මුදල් අමාත්‍යංශය දැනුම් දෙනවා.