බස්නාහිර පළාත් සභාව විසින් සංවිධානය කරනු ලැබූ “සලාම් රාමදාන්” උත්සවය කොළඹ ග්‍රීන් පාත් ප්‍රදේශයේදී ආරම්භ වූ අතර මෙය අදින් අවසන් වීමට නියමිතයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම උත්සවය සඳහා සර්ව ආගමික නායකයින්ට ද ආරාධනා කර තිබූ අතර මෙම උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් වුයේ උත්සවය පැවති ග්‍රීන් පාත් පරිශ්‍රය ආලෝකමත් කිරීමට ආණ්ඩුකාරතුමා විසින් සර්ව ආගමික නායකයින්ට ආරාධනා කිරීමයි.
“සලාම් රාමදාන්” උත්සව භුමියෙහි සුවිශේෂී සංස්කෘතික වැඩසටහන්, සංස්කෘතික විනෝදාස්වාද කලාප සහ විශේෂ ආහාරපාන ප්‍රදර්ශණ කුටි ද ඇතුලත් වේ. පවුලේ සැමට එක්ව සහභාගී විය හැකි මෙම උත්සවය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනාට විනෝදාස්වාදය සහ සංස්කෘතික අත්දැකීම් ලබාගැනීමට හැකි ආකාරයට සැලසුම් කර තිබේ. එමෙන්ම මුස්ලිම් ජනතාවට උදෑසන උපවාස අත්හැරීමට සහ යාඥා කිරීමට අවශ්‍ය පහසුකම්ද මෙහි සපයා ඇත.
මෙම අවස්ථාවේ දී පැමිණ සිටි පිරිස අමතමින් ආණ්ඩුකාරතුමා කියා සිටියේ රාමදාන් උත්සවය පමණක් නොව සංස්කෘතික වශයෙන් වැදගත්වන කටයුතු පිළිබඳව විශේෂ මැදිහත්වීමක් සිදුකර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු ආගම්වල වටිනාකම් සහිත සංස්කෘතික උත්සව සිදුකිරීමට කටයුතු කරන බවත් එමගින් රට තුල ගොඩනැගී තිබෙන ජාතික එකමුතුව, සමානාත්මතාවය වර්ධනය කිරීම වෙනුවෙන් සහ ඒ ඒ සංස්කෘතීන්ට ගරු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලු මැදිහත්වීම් සිදුකරන බවයි.