වෙළද හා වාණිජ ආහාර සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති කුලි ගොඩනැගිල්ලේ බිම් මහලේ තිබෙන උමන්දාව ග්‍රීන් හට් වෙළද ආයතනය වෙත උප බදු දීමේදී වංචාවක් සිදුවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පැවසුවා.
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පවසා සිටියා.
සුනිල් රත්නසිරි මහතා පවසා සිටියේ මෙම වෙළද ආයතනයේ මූලික කටයුතු ආරම්භ කිරිම සඳහා ආර්ච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මිලියන 28 ක් හා ලිමා කන්ස්ට්‍රක්ශන් පුද්ගලික සමාගම විසින් මිලියන 34 මිලක් ඉදිරිපත් කර තිබු බවයි
එලෙස ලිමා කන්ස්ට්‍රක්ශන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ මිලියන 34ක මුදල අභිලාශ ඉදිරිපත් කිරිමේ කමිටු වාර්තාවේදී මිලියන 73 ලෙස වෙනස් කර ඇති බවත් එය කාගේ වුවමනාව මත සිදු වුවක්ද යන්න මන්ත්‍රීවරයා විමසා සිටිනවා.
පසුව මෙම කොන්ත්‍රාත්තුව ආර්ච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ලබා දී තිබෙන බව පැවසු සුනිල් රත්නසිරි මහතා මෙම ගිවිසුම අත්සන් කළ මෙහොතේ දීම මිලියන 20 මුදල ලබා දී තිබෙන බව පැවසුවා.
ඒ අනුව උමන්දාවේ ග්‍රීන් හට් වෙළද ආයතනය විසින් මෙහි මාසික කුලි ලෙස තුන්ලක්ෂ විසිහත්දහස් හයසියක මුදලක් ගෙවිය යුතු වුවද එම මාසික කුලිය පවා අමාත්‍යංශය මඟින් සිදුකර තිබෙන බව සුනිල් රත්නසිරි මහතා පෙන්වා දුන්නා.