Homeදේශීයමන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික උපකරණ ගන්න ලක්ෂ 8ක් වෙන් කරලා.

මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික උපකරණ ගන්න ලක්ෂ 8ක් වෙන් කරලා.

මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඔවුන්ගේ ධූර කාලය තුළ භාවිතා කිරීම සහ හිමිකාරීත්වය සඳහා සැලැස්මක් යටතේ ලබාදීමට රජය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය සඳහා පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම චක්‍රලේඛයට අනුව භාණ්ඩවල ක්ෂයවීමේ වටිනාකම මිලදී ගැනීමෙන් පසු වාරික පදනමක් මත අය කිරීමට සැලසුම් කර තිබේ.

මන්ත්‍රීවරයෙක්ගේ ධූර කාලය තුළ මේ සඳහා රුපියල් 800,000ක් වෙන් කිරීමට අමාත්‍යාංශය යෝජනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments