හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අල් ජසීරා නාලිකාවේ වැඩසටහනකට සහභාගි වීම ගැන පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා හිටපු ජනාධිපතිවරයා සමඟ අසුන් ගෙන සිටින අවස්ථාවක් පසුගියදා දැක ගත හැකි විය.
ඒ මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතාගේ තුන් පරපුරක තුන් පොත් රෑන ජනගත කිරීමේ උත්සව අවස්ථාවේදී.
මෙහි විශේෂත්වය වූයේ බිමල් රත්නායක මහතාගේ දකුණු පස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්, වම්පස හිටපු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාත් අසුන්ගෙන සිටීමයි.
ඊට දෙපසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් යන මහත්වරුන් අසුන් ගෙන සිටිනු දක්නට ලැබිණි.
එකම මොහොතකදී මොවුන් සියලු දෙනාගේ මුවගේ සිනහවක් නැගුණු අවස්ථාවක් ඡායාරූපයකට හසු කර ගැනීමට ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂන දස්කම් දැක්වීය.විවිධ අදහස් හා වෙනස් පිළිවෙත් ඇති අය එකට හිඳගෙන රස දෙයක් යසට විඳින්නට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මගේ කලාවේ අරමුණයි.
මනුස්සකම සහ ආදරය ඇත්තේ දේශපාලනයට බොහෝ ඉහළිනි. යනුවෙන් ප්‍රවීණ මාධ්‍යවේදි සමන් අතාවුදහෙට්ටි මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබිණි.