ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි බලය සහ සූර්ය විදුලි බලය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ අදානි සමාගම හෝ එහි උපසමාගමක් සමග ගිවිසුම් වලට එළැඹ තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.
එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, සභාගත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.