පාසල් වල උත්සව සඳහා දේශපාලකයින්
සහභාගි වීම පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.
ඒ ආචාර්ය උපාධි සහතිකයේ ගැටලුවක් හේතුවෙන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ අශෝක රන්වල මහතා හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට සහභාගි වීම හේතුවෙන්.
මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ අවස්ථාවේ වත්මන් කතානායකවරයා එසේ පාසල් උත්සවවලට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස සහභාගි විය හැකි බවට දැක්වූ අදහස් මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතී.මන්ත්‍රීවරයා විමසූ කාරණයට අනුව හිටපු කතා නායකවරයෙකුට එවැනි බලයක් නොමැත.
ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී දැනගැනීමට ලැබී ඇත්තේ වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවද,ඔහුගේ මිතුරෙකු විදුහල්පති ධූරය දරන කෑගල්ල මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ උත්සවයකට සහභාගි වූ බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.