වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට ඉන්ධන බෙදා හැරීමේ සම්බන්ධකම් පවතින බවට අනාවරණය වී තිබේ.
ඒ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් අද බලශක්ති අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පළ කළ අදහස් වලට අදාළව සිදු කරන ලද අනාවරණයකදී.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට මිල්ලතේ ප්‍රදේශයේත්,
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට තල්ගස්වල ප්‍රදේශයේත්,
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට වවුනියාව සහ තලේ මන්නාරම ප්‍රදේශයේත්,
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්ට පොළොන්නරුවේත්,
සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරට බිබිල මැදගම ප්‍රදේශයේත්
එම ඉන්ධන බෙදුම්හල් පවතින බව සඳහන්.