Homeදේශීයකැබිනට් මණ්ඩලයේ ඉන්න දූෂණ චෝදනා එල්ල වූ ඇමතිවරයා කවුද?

කැබිනට් මණ්ඩලයේ ඉන්න දූෂණ චෝදනා එල්ල වූ ඇමතිවරයා කවුද?

පසුගිය කාලයේ පොහොර සංස්ථාවේ සේවය කරද්දී මූල්‍ය වංචාවක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් කැබිනට් මණ්ඩලයේ ඇමති ධූරයක් දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටින සමයේ එම පුද්ගලයා ගෙනවිත් ඇති බවත් පසුව පොහොර සංස්ථාවේ සිටියදී අදාළ වංචාව කර තිබෙන බවත්ය.

එම නම හෙලි නොකරන්නේ තමන් පෞද්ගලිකව කිසිවෙකුට මඩ ගහන්න කැමති නැති නිසා බවත් කී ඔහු මූල්‍ය වංචනිකයන් ඇමති තනතුරු වල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇති වීම සාධාරණ බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විවාදයට එක්වෙමින් පැවසුවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පොහොර සංස්ථාවේ සේවය කළ ඉතිහාසයේ කාරණා කතා කිරීමට තමන් අකමැති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments