Homeදේශීයජාතික කාන්තා සතියක්

ජාතික කාන්තා සතියක්

මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව මාර්තු 02 වනදා සිට 08 වනදා දක්වා මෙම කාන්තා ජාතික සතිය යොදා ඇති බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

“තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාව බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments