Homeක්‍රීඩා41 වන ඇතුගල්පුර සටන 28,29 සහ 30

41 වන ඇතුගල්පුර සටන 28,29 සහ 30

සාන්තා ආනා විදුහල සහ මලියදේව විදුහල අතර පැවැත්වෙන ඇතුගල්පුර සටන 41 වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම කුරුණෑගලදී සිදුකෙරිණි.

සාන්ත ආනා විද්‍යාලයේ විදුහල්පති චන්දන හපුආරච්චි පියතුමා සහ මලියදේව විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.සී.කේ.මහමිතව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවට සාන්ත ආනා විදුහල් කණ්ඩායමේ නායක බුද්ධිම සහන් සමඟ මලියදේව විදුහල් කණ්ඩායමේ නායක චන්දුප අබේසිංහද එක්ව සිටියහ.

41 වන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මාර්තු මස 28 සහ 29 දෙදින පැවැත්වේ.ඒ සඳහා පූර්ණ අනුග්‍රාහක දායකත්වය ඩයලොග් ආසියාට ආයතනය විසිනි.

මීට සමගාමීව පැවැත්වෙන 31 වන එක්දින ක්‍රිකට් තරඟය මාර්තු මස 30 වැනි දින කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එක් දින තරඟය සඳහා අනුග්‍රහකත්වය පිරිනමනු ලබන්නේ දම්රෝ ආයතනයයි.

මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සත්කාරකත්වය උසුලනු ලබන්නේ සාන්ත ආනා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments