Homeදේශීයආංශික අධීක්ෂණ කාරක සභා 7ක් පිහිටුවයි

ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් පිහිටුවයි

දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළවී තිබේ.

ඒ අනුව, ආංශික අධීක්ෂණ කාරක සභා 7න් සභාපතිධූර 03ක් විපක්ෂයටත්, අනෙක් සභාපතිධූර හතර ආණ්ඩු පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර පැවසීය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය වී ඇති බව සඳහන්ය.

ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙලෙස දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල විෂය පථයන් ආවරණය වන පරිදි පිහිටුවීමට තීරණයවී තිබේ.

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ද පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments