හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි දර්ශනය තමා අගය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
NXT Conclave 2025 සමුළුවට සහභාගි වීමට ඉන්දියාව බලා පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අගමැතිවරයා හමුවූ අවස්ථාවේ ඡායාරූපයක් සිය සමාජ ජාලයේ මුදාහරිමින් ඉන්දීය අගමැතිවරයා මේ බව කියාසිටී.
‘NXT Conclave හිදී මගේ මිතුරා රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම නිතරම අපගේ සබඳතාව හොදින් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතරම විවිධ කාරණා සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය ද අගය කර තිබෙනවා’ යැයි මෝදි සටහන් කර ඇත.