HomeදේශීයITAK,අර්චුනා සහ දිලිත් මඟහරී.සෙල්වම් පක්ෂ වෙයි.ගජේන්ද්‍ර විරුද්ධයි

ITAK,අර්චුනා සහ දිලිත් මඟහරී.සෙල්වම් පක්ෂ වෙයි.ගජේන්ද්‍ර විරුද්ධයි

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබි තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරද ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ රැඳී සිටියේ නැත. විපක්ෂයේ අසුන් ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැහැ.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments