Homeදේශීයආනයනික වාහන තොගයක් ලංකාවට

ආනයනික වාහන තොගයක් ලංකාවට

වත්මන් රජය විසින් වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට ගත් තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය කොළඹ වරායට ළඟා වී තිබේ.

මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටියි.

මෙහි විශේෂත්වය වන්නේ 2017-2018 නිෂ්පාදිත ඩබල් කැබ් රථ මින් පෙර මෙරට තුළ ලක්ෂ 300-350 අතර මිලක පැවතීමයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඩබල් කැබ් සඳහා වූ වෙළෙඳපොළ මිල අඩකින් පමණ ඉදිරියේ දී පහත වැටෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ නිවේදනය කළේ තායිලන්තයේ සිට කොළඹ වරායට පළමු වාහන තොගය පැමිණෙන අතර, ජපානයෙන් තවත් වාහන තොගයක් හෙට හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණෙන බවයි.

එමෙන්ම සඳුදා සිට ප්‍රදර්ශනාගාරවල වාහන නැරඹීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් රට තුළ පවතින භාවිත කළ වාහන වෙළඳපොළ සියයට 10 සිට 15 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

දේශීය වෙළෙඳපොළ තුළ ඇතැම් වාහන කාණ්ඩවල මිල ඉහළ යා හැකි අතර, අනෙක් ඒවා අඩු වීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කළේය.

නව ආනයනයන් සමඟ සුසුකි වැගන් ආර් රථයක මිල අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නවතම සුසුකි වැගන් ආර් රථයක මිල රුපියල් මිලියන 7 ත් 7.2 ත් අතර වනු ඇතැයි අපේක්ෂා කරන අතර අනෙකුත් වැගන් ආර් මාදිලි රුපියල් මිලියන 6 ත් 7 ත් අතර පරාසයක පවතිනු ඇති බව ඔහු පවසා තිබේ.

ජපන් ඇල්ටෝ රථයක මිල ද අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, නව ආනයන මිල රුපියල් මිලියන 3.5 ත් 5 ත් අතර වන බවත් ඔහු පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments