Homeදේශීයපාස්කු ප්‍රහාරයට පෙර මාවනැල්ල බුදුපිළිම කැඩීම ගැන නවතම තොරතුරක්

පාස්කු ප්‍රහාරයට පෙර මාවනැල්ල බුදුපිළිම කැඩීම ගැන නවතම තොරතුරක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යෑමේදී ආරක්ෂක නිලධාරීන්ට එවකට ආණ්ඩුකාරවරු හෝ ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බවට වාර්තා වී නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසීය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට සභාගත කළ පිළිතුරකට අනුව.

සැකකරුවන් 50කට පමණ අදාළව අධිකරණ විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින බවද මෙම පිළිතුරෙහි සඳහන්.

මෙම කරුණ ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරක් බැවින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සහ පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක නිලධාරීන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බවද අමාත්‍යවරයාගේ පිළිතුරේ දක්වා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments