Homeදේශීයකුවේට් 64 වැනි නිදහස් දිනය

කුවේට් 64 වැනි නිදහස් දිනය

කුවේට් රාජ්‍යයේ 64 වැනි නිදහස් දිනය සහ ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වීම ඇරඹී වසර 34ක් සැපිරීම නිමිති කර ගෙන සැමරුම් උත්සවයක් මෙරට කුවේට් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර මෙම උත්සව අවස්ථාව සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධනා කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී රටවල් රැසක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඇතුළු විදේශීය දුත පිරිස් සමග සුහද කතාබහක ද යෙදීමට අවස්ථාව ලැබුණි. මෙම අවස්ථාව ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සහ සංස්කෘතික සබඳතා තවත් ශක්තිමත් කිරීමට හේතු විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම සහභාගීත්වය මඟින් දෙරට අතර දිගුකාලයක් පුරා පැවැති සම්බන්ධතා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට විපක්ෂයේ කැපවීම තවත් තහවුරු කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments