Homeදේශීයගුරු - විදුහල්පති වැටුප් ඉහලම තැනකට

ගුරු – විදුහල්පති වැටුප් ඉහලම තැනකට

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

එමෙන්ම ඇය පැහැදිලි කරමින් පැවසුවේ වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇති බවය.

“ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරනවා. නමුත් ඒක එහෙම නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව එම වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී තිබෙනවා. එමෙන් ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කොට තිබෙනවා. සමාජ ආරක්ෂණය සඳහා විශේෂ අවධානයක් යොමු කරල

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments