ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට දින දහයකට පෙර ජාතික විදුලි පද්ධතියේ සිදුවූ බිඳ වැටීම පිළිබඳව සවිස්තරාත්මක ප්‍රශ්න ගණනාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කරන ලදී.
එහෙත් විෂය භාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සභාවේ රැඳී නොසිටි අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉදිරි දිනක අමාත්‍යවරයා පිළිතුරක් ලබා දෙනු ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසුවේ මෙවැනි ජාතික ගැටලුවකට පිළිතුරු ලබාදීමට තවදුරටත් කල් ගැනීම කොතරම් සාධාරණ දැයි යන්නයි.
මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වඳුරා පිළිබඳව නිරතුරුවම පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවශ්‍ය නැති බවත් දැන් විදුලිය තිබෙන බවත්ය.