Homeදේශීයඅපි ආරාධනා කළේ අනුරට ඒ වෙනුවට ආවේ විදේශ ලේකම්

අපි ආරාධනා කළේ අනුරට ඒ වෙනුවට ආවේ විදේශ ලේකම්

ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා තම රට සහයෝගය ලබාදීමට එකඟතාවය පළකර ඇතත් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එතරම් අවධානයක් ඒ සම්බන්ධයෙන් ලැබෙන්නේ නැතැයි කොළඹ සිටින රුසියානු තනාපති ලෙවන් එස් ධගර්යන් මහතා සඳහන් කරයි.

මෙම බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පැවතුණත් ඒවායේ සැලකිය යුතු වර්ධනයක් සිදුව නොමැති බවද හෙතෙම කියා සිටී.

නෘෂ්ටික බලය ශ්‍රී ලංකාවට තිරසාර සහ ස්ථාවර බලශක්ති ප්‍රධාන ප්‍රභේදයක් ලෙස සැලකිය හැකි බවද පවසන ඔහු පුනර්ජනනීය බලශක්ති වල වටිනාකම පිළිගන්නා අතරම දේශගුණික විපර්යයාස හා අනෙකුත් පාරිසරික අභියෝග අනාගතයේදී මෙම ප්‍රභවයන් මත සම්පූර්ණයෙන් රැඳී පැවතීමට බාධා එල්ල වනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

රුසියාවේ පැවති BRICS සමුළුවට සහභාගි වන ලෙස ජනාධිපති අනුර දිසානායකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් විසින් ආරාධනාවක් කළ බවද සිහිපත් කළ ඔහු කෙසේ වෙතත් විවිධ හේතූන් මත එම සංචාරය සිදු නොවූ බවත් ඒ වෙනුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කළේ එවකට විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බවත් පැවසීය.

BRICS කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම මේ වනවිටත් සාකච්ඡා වෙමින් ඇතැයි හෙතෙම තව දුරටත් එහිදී පැවසුවේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments