Homeදේශීයගෝ හෝම් ජූලි ගියේ නෙළුම් මාවතට

ගෝ හෝම් ජූලි ගියේ නෙළුම් මාවතට

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

තානාපතිනි චුන්ග් මහත්මිය අද උදෑසන 10.00 ට පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ පැය එකහමාරකට වැඩි කාලයක් සාකච්ඡාවල නිරත විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් හමුවීමට කළ ඉල්ලීමකට අනුව ඇයගේ සංචාරය සිදුවිය.

ඇයගේ සංචාරය අතරතුර, තානාපතිනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක සහ ජයන්ත කැටගොඩ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සහ නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡාවක නිරත විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments