Homeදේශීයවඳුරෙක් නිසා රටම අඳුරේ

වඳුරෙක් නිසා රටම අඳුරේ

බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් නිවෙස් වල වහලය මත සවිකර ඇති සූර්ය බල පද්ධති අද සවස 4 තෙක් ජාතික පද්ධතියෙන් විසන්ධි කර තබන ලෙස බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක්.

කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම, සපුගස්කන්ද සහ ආනියාකන්ද ප්‍රදේශවල විදුලිය සැපයුම යථාතත්ත්වයට පත් කර තිබෙනවා.

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන්ම භාවිතා කරන ලෙසය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments