Homeදේශීයහදවත් සහ වකුගඩු සැත්කම් සඳහා රෝගීන් 40,000කට අධික පිරිසක් දිගු කලක් පෝලිමේ

හදවත් සහ වකුගඩු සැත්කම් සඳහා රෝගීන් 40,000කට අධික පිරිසක් දිගු කලක් පෝලිමේ

රජයේ රෝහල්වලින් හදවත් සහ වකුගඩු සැත්කම් කර ගැනීම සඳහා රෝගීන් 40,000කට අධික පිරිසක් දිගු කලක් තිස්සේ පොරොත්තු ලේඛනවල රැඳී සිටින බව වාර්තා වෙයි. රට පුරා රෝහල්වල හදවත් සැත්කම් සහ හෘද පරීක්ෂණ ශල්‍යකර්ම සඳහා රෝගීන් 20,000කට අධික පිරිසක් ද, වකුගඩු පෙරණ සහ ශල්‍යකර්ම සඳහා රෝගීන් 20,000කට අධික පිරිසක් ද පොරොත්තු ලේඛනවල මේ වන විට රැඳී සිටීම නිසා, එම රෝගීන්ගේ ජීවිත අවදානමක පසුවන බවද වාර්තා වෙයි.

කොළඹ, ගාල්ල, මහනුවර, බොරැල්ල ළමා රෝහල, පොළොන්නරුව, පේරාදෙණිය, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, යාපනය, මාතර, මාලිගාවත්ත වකුගඩු රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි රෝහල් රැසක රෝගීන් පොරොත්තු ලේඛනවල රැඳී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

මෙම ශල්‍යකර්ම පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගන්නේ නම් අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වැය වන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, අදාළ රෝගීන්ගෙන් බහුතරය දිළිඳු හෝ මධ්‍ය පන්තික පුද්ගලයින් වන හෙයින්, ඔවුන්ට රජය මගින් ලබාදෙන ආධාරයකට යටත්ව පෞද්ගලික අංශයෙන් හෝ අර්ධ රාජ්‍ය අංශයේ රෝහලකින් ශල්‍යකර්ම කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවද සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව එම කරුණු අනාවරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments