දිවයින පුරා අද ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම,පානදුර ග්‍රීඩ් උප පොළට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූවක් බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළද, පානදුර මාලමුල්ලේ පිහිටි ග්‍රිඩ් උප පොලට අද දිනයේ කිසිදු වඳුරෙකු පැනීමක් සිදු නොවූ බව එහි ආරක්ෂක නිලධාරියා පවසනවා.
එහි ගොස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ කිසියම් ආකාරයකින් වඳුරෙකු පැන්නේ නම් මියගිය වඳුරාගේ මෘත ශරීරයක්වත් එම උප පොළෙහි තිබිය යුතු බවයි.
පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයා පවසන්නේ අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.
ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා.