Homeදේශීයශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නව නිළධාරි මණ්ඩලය පත්වේ

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නව නිළධාරි මණ්ඩලය පත්වේ

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ 2025 – 2027 නව නිලධාරි මණ්ඩලය පත්වේ.

ග්‍රීන් ලංකා ටවර්ස් හිදී ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ 2025 සහ 2027 නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විණි.

මෙහිදී සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති තිසර ගුණසිංහ මහතා නැවතත් තේරීපත්විය ලේකම්වරයා ලෙස රුක්ෂාන්ද සිල්වා මහතාත්, භාණ්ඩාගාරිකවරයා ලෙස කුඩා බණ්ඩාර ඉලුක්පිටිය මහතාත්, උප සභාපති වරුන් ලෙස හිටපු පර්ලිමේන්තු මන්තී උදිත් ලොකු බණ්ඩාර, කර්නල් රත්නප්‍රිය බන්දු, සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකු වූ පාලිත සිරිනාග යන මහත්වරුන් තේරී පත්විය. දිවයින පුරා දිස්ත්‍රික්ක 16 ක් නියෝජනය කරමින් දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් සභාපති සහ ලේකම් ලේකම්වරුන් පැමිණ සිටි අතර ඔවුන්ගේ ඒකච්ඡන්දයෙන් මෙම නිලධාරී මණ්ඩල‍ය තේරී පත්විය මෙහිදී සභාපති ලේකම් භාණ්ඩාගාර ඇතුළු නිලධාරීන් 21 ක් දෙනෙක් තෝරා ගැනීමේ නිලවරණය සාර්ථකව පැවැත්වීණි. මෙම නිලවරණය සම්පූර්ණයෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ සිදු විය.
මෙහිදී තේරී පත් වූ නව සභාපති තිසර ගුණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර එකහමාර තුළ ක්‍රීඩා සම්මේලනය අභියෝගාත්මක ගමනක් පැමිණි බවත් එම අභියෝගයන්ට සම්මේලනයේ විධායක සභාව ලෙස සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබුණු බවත් ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට තමන් නැතුව විධායක සභාවට අධිකරණයේ පිහිට පැතීමටද සිදුවූ බවත් ප්‍රකාශ කළේය. ඒ සියල්ල සිදු කළේ ජාතික ක්‍රීඩා සම්මේලනයක් ලෙස මෙය නිවැරදි මගට ගැනීමට මිස කිසිවෙකු සමග පෞද්ගලික වෛරයකින් නොවන බවත්
මෙරට සැහැල්ල පන්දු ක්‍රීඩාව දියුණු කිරීමට කැපවීමෙන් කටයුතු කරන ඕනෑම පාර්ශවයක් සමඟ සහයෝගිතාවෙන් යුතුව වැඩ කිරීමට සම්මේලනයක් ලෙස අප සූදානම් බවත්, මෙම වසරේ අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ දිස්ත්‍රික් සංගම් සහ තරගාවලින් තුළින් තේරී පත්වන හොඳම ක්‍රීඩා කණ්ඩායම් තුලින් ජාතික සංචිතය නිර්මාණය කිරීමයි. එයට අමතරව මේ වසර අවසාන වන විට ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ ලියාපදිංචි වන සෑම ක්‍රීඩා සමාජයක්ම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පවත්වනු ලබන සෑම තරගාවලියක් සඳහා යම් ප්‍රතිපාදනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා සැහැල්ල පන්දු ක්‍රිකට් සම්මේලනය යටතේේ පවතින ටෙනිස් බෝල් ක්‍රිකට් සංගමය, බීච් බෝල් ක්‍රිකට් සංගමය, ටබ් බෝල් ක්‍රිකට් සංගමය, බීච් ක්‍රිකට් සංගමය, ගෘහස්ථ ටෙනිස්බෝල් ක්‍රිකට් සංගමය සහ අනෙකුත් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගම් සියල්ල සමග සහයෝගයෙන් කටයුතු කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඔවුන් සියල්ල සැහැල්ල පන්දු ක්‍රිකට් සම්මේලනයේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments