Homeදේශීයබහලුම් 323 නිදහස් කලේ රේගු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව

බහලුම් 323 නිදහස් කලේ රේගු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව

රේගුව විසින් බහලුම් 323 ක් මුදාහරණ ලද්දේ පශ්චාත් නිෂ්කාශන විගණන ක්‍රමවේදයට යටත්ව බව මුදල් නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“රේගු පරික්ෂාවකින් තොරව බහලුම් 323 ක් නිදහස් කළේ යැයි වාර්තා වන පුවත ගැන සඳහන් කරනවා නම් කොළඹ වරායේ ඇති වූ බහලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය අවම කර ඒ තුළින් ආනයන කරුවන්ටත් කර්මාන්තකරුවන්ටත් ව්‍යාපාර සඳහා ආනයනික භාණ්ඩ ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයටත් අතිරේක වියදම අවම කිරීමට හැකි ඉක්මනින් බහලුම් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත් අතර එයින් එක් පියවරක් ලෙස රේගු දත්ත පද්ධති හරහා පරීක්ෂාව සඳහා තේරුණු බහලුම් වලින් යම් නිර්නායකයන්ට අනුව කොටසක් ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු නිලධාරීන් කමිටුවක් හරහා තෝරාගෙන නිදහස් කිරීම සිදු කරන ලදී.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන්නේ 2024 ජූලි මාසයේ සිටයි. එම ක්‍රමවේදයට අනුමැතිය ලැබුණේ ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මඟිනුයි.

මේ තුළින් භාණ්ඩ නිදහස් කිරීම සිදුකරන ලද්දේ පශ්චාත් නිෂ්කාශන විගණන ක්‍රමවේදයකට යටත්වයි.මේ සඳහා ප්‍රතිපාදන රේගු ආඥා පනතේ තිබෙන බව පෙනී යනවා.

අදාළ කමිටුව මේ බහලුම් නිදහස් කර ඇත්තේ ඒවා තුළ නීති විරෝධී හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු හෝ භාණ්ඩ තිබිය නොහැකි බවට සෑහීමකට පත්වීමකින් පසුවයි”

RELATED ARTICLES

Most Popular

Recent Comments